Lyrics
රහසින් රහසින් පෙම් කරන්නේ කාටදෝ
දෑසින් මොනවාද මට පවසන්නෙ කියන්නකෝ
හමු වී කිසිවක් නොදොඩා යන්නේ ඇයිදෝ
ආදරෙයි නම් ආදරෙයි නම්
ආදරේ නොකියන්නේ ඇයිදෝ //
හමුවන හැමවිට නෙතගින් කතා කරයි
දොතොලින් සිනා නොවී සිනා සලයි
මගෙ හිත හැම විට ඔබ ළඟ චංචලයි
ඔයා නොකිව්වත් ඔයා ට මං හරි ආදරෙයි
ඔයා නොකිව්වත් ඔයා නොකිව්වත්
මං හරි ආදරෙයි //
රහසින් රහසින් පෙම් කරන්නේ කාටදෝ
සිහිනෙන් ඇවිදින් මා හා ඔයා හිදී
ආදර හැඟුමන් මා සිත වෙලා ගනී
මගෙ සිත ළඟ නෑ ඒ සිත ඔයා ළඟයි
ඔයා නොකිව්වත් ඔයා ට මං හරි ආදරෙයි
ඔයා නොකිව්වත් ඔයා නොකිව්වත්
මං හරි ආදරෙයි //