රහසින් කියන්නrahasin kiyanna

Rahasin Kiyanna

Music:
අරුණ ගුණවර්ධනaruna gunawardhhana
Lyrics:
මංජුල සඳනායකmanjula sandanaayaka

Lyrics

රහසින් කියන්න බලන්න දැනෙන්න හරින්න සෙනෙහේ
නෙතඟින් සැලෙන්න සලන්න කියන්න බැරි වුණ සෙනෙහේ
ආදරෙන් හිනැහිලා උණුහුමින් දැවටිලා
ඔබ තමයි ජීවිතේ මා පැතූ ආදරේ........

රුව මැවෙන තරම් හද කොනක හොරෙන්
රස දැනෙන තරම් ඔය දෙතොල් වලින්
සඳ හොරෙන් ඇවිත් රැය යන්න ගිහින් 
නුඹ ළඟට ඇවිත් මම ඉන්නේ තුටින්
මියුරුයි ගී පද නුඹ ගයනා අරුතක් වී එය නිති සරනා
හුස්මක් වී ඔබ ළඟ ඉඳලා ගලපා දෙන්නම් ආදරේ........

දස දහස් වරක් මම පතමි යළිත් 
ඔබ දුරස් වුණොත් ඉකි බිඳි සිතත් 
නෙතු හෙමින් සැලී පෙම පතයි මෙසේ
ඔබ තමයි මගේ හිරු කිරණ ලොවේ
මියුරුයි ගී පද නුඹ ගයනා අරුතක් වී එය නිති සරනා
හුස්මක් වී ඔබ ළඟ ඉඳලා ගලපා දෙන්නම් ආදරේ........

රහසින් කියන්න......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.