රහසේ පව් කලා නම්rahasee paw kalaa nam

Rahase Paw Kala Nam

Music:
චන්දන වල්පොලchandhana walpola
Lyrics:
රේරූreeruu

Lyrics

තහනම් වූ ආදරේ දෙතැනක වී නුඹ හා මා 
විඳගමු නෑ වෙන විසඳුම් එය කිසිදා නිමා නොවේ 
හිමිකමක් නැති උනත් හිත් වේදනාවන් දරා 
ජිවිතේ මතුපිටින් අපි සැනසුනා නම් තමා 

(රහසේ පව් කලා නම් අපි රහසේ විඳවමූ  
නිරයත් දිව්‍ය ලෝකෙත් නුඹයි මගේ ලෝකේ)...//

හදේ දොන්කාරයේ නුඹේ හඬ විලාප දේ 
එකම රිදුම ජීවිතේ මා නුඹට අයිති නෑ 
දුකයි සැපයි පාඩුවේ බෙදා ගත්තු ආදරේ 
පාපයක්ද මේ ලොවේ හිතා ගන්න බෑ 
දහස් වර විදෝනා දහක් දුක් සිදෝලා 
නුඹයි මගේ ජීවිතේ හුඟ දුරක් අරන් ගියේ   

රහසේ පව් කලා නම් අපි රහසේ විඳවමූ  
නිරයත් දිව්‍ය ලෝකෙත් නුඹයි මගේ ලෝකේ

කයට නොවේ පෙම් කලේ ලයටයි මා පෙම් කලේ 
එකම මල නුඹයි මගේ පාලු හදවතේ 
කාට ගියත් ජීවිතේ නුඹයි මගේ ආදරේ 
නුඹව හිමි වුනා නැතා මා වෙනස් නොවේ 
දහස් වර විදෝනා දහක් දුක් සිදෝලා 
නුඹයි මගේ ජීවිතේ හුඟ දුරක් අරන් ගියේ   
 
තහනම් වූ ආදරේ....   

(රහසේ පව් කලා නම් අපි රහසේ විඳවමූ  
නිරයත් දිව්‍ය ලෝකෙත් නුඹයි මගේ ලෝකේ)...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.