රහසක් කියයි ඈ නිමල සිතින් මටrahasak kiyayi ae nimala sithin mata

Rahasak Kiyai E Nimala Sithin

Lyrics

රහසක් කියයි ඈ නිමල සිතින් මට
දෙනුවන් කියයි ඒ රහසේ සැබෑ වග
එනමුත් මුවින් ඈ නොකියයි වදන් ලෙස
හැගුමින් පිරි යයි දහසින් මගේ  සිත//

අවිහින්සකයි ඇගේ පිරිපුන් සිනා පොද
සතුටින් පිරි යයි සැමදා මගේ සිත
හිමිවෙයි ඇගේ පෙම නුදුරු දිනේ මට
පවතියි සදාකල් සිහිනේ මගේ සිත
රහසක් කියයි ඈ නිමල සිතින් මට ...

සන්සුන් බවින් පිරි ඇගේ ජිවිතේ වත
සිතට සිතේ මගේ අචලයි ඇගේ පෙම
හිමිවෙයි ඇගේ පෙම නුදුරු දිනේ මට 
පවතියි සදාකල් සිහිනේ මගේ සිත 

රහසක් කියයි ඈ නිමල සිතින් මට ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.