රගන්නෙ ඇයිraganne aeyi

Raganne Ai

Lyrics

ඇයි රගන්නෙ ඇයි යාළුවෙ බොක්ක දුන්න මදිද
එකට කාලා බීලා ඔය ටොක්ක ඇන්නෙ මටද
පණට පණ දෙන්නම් කියපු යාළුවා දැන් කොහෙද
මතක නැද්ද මාව උඹට මුල අමතකද
බලන් ඉන්නෙ කවුරු කවුරුත් මට කෙලවන්නන් පස්සෙන්
රැප් වදන් හොලවන්නන් මන් උඹලගෙ කන් අස්සෙන්
අතෙ සල්ලි ටිකක් කැරකෙනවනම් පන්නන්නෙ මන් පස්සෙන්
රැල්ලට බොරුවෙන් රගන කොල්ලො අල්ලන්නෙ මන් කැස්සෙන්
දන්නෙ නැත්තෙ නැ මම සමා-J ගැන හොදහැටි
කරනව වැරදි දැන නොදැන ලෝකය හිටිහැටි
යන්න වෙනව කාලෙක කාට කාටත් හැරමිටි
කන්න වෙන්නෙ එදාට සැපට උඹට දත්මිටි
ඉපදුනෙ හැදුනෙ වැඩුනෙ මම කොළඹ අස්සේ
මම දැක්ක මගෙ ඇස් දෙකෙන් නගරෙ රස්නේ
පොඩි පොඩි කොල්ලො හිතුමතෙ දෙන්නෙ දිස්නේ
චරිතෙ නොදැන රගන රස්තියාදු ඔළු හිස්නේ
දෙවියොත් බල බලා ඉන්නෙ වරදිනකන් රවන්න මට
ඇත්ත කථා කරන්න නොදී වහන්න හදන්නෙ මගෙ කට
වාසි අතට ඇදෙන ලෝකේ ආශ්චර්ය නැ හෙට ඔය
කාට කාටත් ලේසි වෙන්නෙ නැහැ රගන්න බොරුවට.....

ඇයි රගන්නෙ ඇයි ලෝකය 
ඇයි රගන්නෙ ඇයි සමාජේ
ඇයි රගන්නෙ ඇයි මිනිස්සු
ඇයි රගන්නෙ ඇයි මේ බොරුවේන්
ඇයි රගන්නෙ ඇයි යාළුවො
ඇයි රගන්නෙ ඇයි මගෙ ජීවිතේ
ඇයි රගන්නෙ ඇයි මට දෛවය
ඇයි රවන්නෙ ඇයි මට දෙවියාන්.....

( Beta ) ( TAMIL Lyrics )
Mugamoodi Anindha ulagaththil
Pirandhadhu endhan unarchchigal
Soolchigal throgangal maatrangal
Envaalkai podhanaigal
Panaththaasai Mudhalaigal
Kadasiyil Ivargal Nadu veedhi Anaadhaigal..
Peraasai Piththargal Neengal....
Mudhugin pinnaal kuththum natpu
Mannika mudiyaa perum thappu
Vaalakkidaithadu oru vaalvu
Vendam veena Poramaai Nanju
Poigalai dhinamum katti kondu Vaala ninaikum nanbaruku
Ungal poigal ungaluke alivukkodai kirukkudhu
Vaalkayin Arthangalai Purindhu kollum nanbanuku
Nadipu thevayillai Sellalalaam uchchathitku...


ඇයි රගන්නෙ ඇයි ලෝකය...

කරවටෙ අත දාල කැරකෙන්නෙ හොදකට නෙමෙයි යාළුවා
කටවටෙ බිලිකොක්කට අහුවුනා වගෙ මම වෙන්නැ මාළුවා
බෝඩරේ වටෙ කැරකෙද්දි කොල්ලො කියන්නෙ එළ කොළුවා
එකට ඉදලා කපන උන්ව මතකයි බන් මමත් හැළුවා
මාළිගාවත්ත බෝඩරේ ඒක මගෙ පැත්‍ත
ඇත්ත සිද්ධි විතරයි මෙහෙ නැහැනෙ බොරු මොත්ත
රැගිලි දාන්න ආවොත් ඔය ලොකු ලොකු හැත්ත
පස්සෙන් බල බල දුවන්න වෙන්නෙ අරන් එද්දි මන් කැත්ත
කැපිලි හින්ද අද වෙල මන් මිනි කන මෝරෙක්
ජල්තර වලින් බේරෙන්න දන්න මන් හොද තෝරෙක්
දාලා බොරු රැගිලි නැහැනෙ බොරු කෝඩෙ (ඒයි)
දෙන්නම් මම රැප් වදන් මල්ලක් පිරෙන්ඩ කූඩේ
අවන්ක වුන හින්දා ඔව් ඔව් මට කෙළවුණා
වන්ක කම හොද හින්දා ඒ පැත්තට මන් ඇළවුණා
අතේ කාසි කැරකෙන කොට යාළුවො මගෙ ලන් වුණා
සල්ලි භාගෙ නැති වෙනකොට කැපිල්ල දාලා ගැලවුණා
මුලින් ඉදන්ම කියන්න හිටියෙ හම්බුනෙ නැ මට ගැප් එකක්
44 කල්ලියෙන් දුන්නෙ මට එළකිරි සප් එකක්
බලන් ඉන්න කවුරු කවුරුත් ගන්ඩ බලන්න ස්නැප් එකක්
අත් උස්සලා දෙන්න බලමු කල්ලියට ක්ලැප් එකක්....

ඇයි රගන්නෙ ඇයි ලෝකය.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.