Lyrics
රාධා ක්‍රිෂ්ණා රාමා සීතා කිසි ලෙසකින් හෝ නොවෙමු අපි
සාලිය මාලා ගාමිණී චීත්රා කිසිලෙසකින් හෝ නොවෙමු අපි
අප පෙම හමුවේ ඔවුන් ළදරුවෝ ආදරයේ රන්කිරි කට ගෑ
.
පියවි ලොවේදී ඇතිවෙනතුරු අපි සිනාසෙමු
සිහින ලොවේදී රෑ තුන් යාම අපි සිනාසෙමු
ගතින් නොබදුනත් දිවිය පුරා අපි සිනා සෙමු ....සිනාසෙමු
රාධා ක්‍රිෂ්ණා රාමා සීතා කිසි ලෙසකින් හෝ නොවෙමු අපි
.
අරුනලු සිඹ සිඹ සුර්යකාන්ත මල සිනාසෙතේ
සඳකැන් සිඹ සිඹ කොඳමල් සඳ හා සිනාසෙතේ
හිරු සඳු කුමටද අප හද මල් නීති සිනාසෙතේ ....සිනා සෙතේ