රාං කුරුල්ලෝraan kurulloo

Raan Kurullo

Lyrics

රාං කුරුල්ලෝ රෑනේ උන්නේ රාං කිරිල්ලි කොයි 
රාං කුරුල්ලෝ රෑනේ උන්නේ ටිකිරි කිරිල්ලි කොයි 
රාං කුරුල්ලෝ රෑනේ උන්නේ රාං කිරිල්ලි කොයි 
රාං කුරුල්ලෝ පෙරදා බහ දුන් රාං කිරිල්ලි කොයි 

වනෙයි පුරා පල වැල නෙළාලා කවලා තුටින් 
සඳුන් පෙලින් පියාපත් නෙලලා වැදූ ආදරෙන්...//
රාං කිරිල්ලි ඔබේ කැදැල්ලේ දැන් නැතුවානේදෝ 
රූං කියාලා කොහේ නමුත් ඈ පලා ගිහින් නේදෝ 
රාං කුරුල්ලෝ පෙරදා බහ දුන් රාං කිරිල්ලි කොයි 
රාං කුරුල්ලෝ රෑනේ උන්නේ රාං කිරිල්ලි කොයි 

උජාරුවෙන් විහඟුන් අතරේ ඇගේ ගත වෙලී 
එදා උබත් උන්නා මතකද පෙමින් දිලි දිලි...//
ඔන්න ඔහමලු දනින් වැටෙනවලු ගෝමර දල ඇත්තු 
යොවුන් වලා සේ කූඩු හදනවලු මේ නව පෙම්වත්තු
රාං කුරුල්ලෝ පෙරදා බහ දුන් රාං කිරිල්ලි කොයි 
රාං කුරුල්ලෝ රෑනේ උන්නේ රාං කිරිල්ලි කොයි 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.