Lyrics
රෑ මැදියම මත් වූ තොටියෝ
ඔරු පදින්න මා කැඳවන
නුඹ විතරක් එතෙරට යන
රෑ මැදියම මත් වූ තොටියෝ
මාස් වැස්ස ඉවර වෙලා
අළුත් වතුර ගලන ගඟේ
මල් නෙළුවා මතකද තොටියේ
ඔරුව පෙරලුනත් ගඟ මැද
මාව අරන් නුඹේ තුරුලට
එතෙර කළා මතකයි තොටියෝ
රුවල් නගා යන නැව් දැක
සසල වෙලා බැලුවත් නුඹ
නැව් නගින්න හිත නෑ තොටියෝ
නුඹේ ඔරුවෙන් යලි දවසක
කුමුදු පිපුන හඳ එළියක
එතෙර යන්න ආසයි තොටියෝ
රෑ මැදියම මත් වූ තොටියෝ
ඔරු පදින්න මා කැඳවන
නුඹ විතරක් එතෙරට යන
(රෑ මැදියම මත් වූ තොටියෝ...//)