රෑ තරූ වගේrae tharuu wagee

Ra Tharu Wage

Music:
සරත් ද අල්විස්sarath dha alwis
Lyrics:
ප්‍රේම කීර්ති ද අල්විස්preema kiirthi dha alwis

Lyrics

රෑ තරූ වගේ අපේ පැතුම්
අපේ හැඟුම්
සඳ මඬලේ පිනි වතුරේ
පාවී යා වුණේ
(හිනැහෙන්න යෙහෙළියේ
හිනැහෙන්න යහළුවේ)...//

දුර ඈත සිතිජයේ
හිරු මඬල හැංගිලා
අහසේ නිසංසලේ
සුදු සේල අතුරලා
උනුන් සුරතේ
සුරත් පැටලේ
පෙම් මල් යහන් මවා...

රෑ තරූ වගේ... 

මුළු රෑම අප සතුයි
හිරු එන්න පෙර උදේ
නොවෙනූ තවත් පමා
වියැකේවි රස අමා
පෙමින් තොර වූ
ලොවක් ලොව නෑ
ඉමු අපි සිනා සලා...

රෑ තරූ වගේ... 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.