රෑ සඳ පායාrae sanda paayaa

Ra Sanda Paya

Music:
දමිත අයෝද්‍යdhamitha ayoodhya
Lyrics:
ජගත් පෙරේරාjagath pereeraa

Lyrics

රෑ සඳ පායා ආදර සේයා
මා හද රිදවා ඈත ගියා
පිලිරූ මායා මතක මවා
දෙනෙතින් කදුලැලි කැට වැටුනා….

උනුහුම මාගේ සැනසුම ඔබ නෙතු මානේ
දුරකට ගියේ කොහොමද නොදැනී වාගේ
හඳුනාගත් දින ගානේ බැඳුනා හදවත් රහසේ
නොදොඩා නුඹ නා වාගේ
උන්නා දෙන්නා වරු ගානේ.....

රෑ සඳ පායා.....

ඉවසුම් සුසුම් අනුරාගී සඳ පානේ
නෑ සෝ තැවුල් ඉස්සර නුඹ හිත මානේ
ඉඳහිට ඇවිදින් යනවා
මතකෙට කරදර කරලා
මගෙ ලඟ වගෙ මට දැනිලා
මගෙ හදවත නවතිනවා.....

රෑ සඳ පායා......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.