රෑ පැල් රැකලාrae pael raekalaa

Ra Pal Rakala

Lyrics

රෑ පැල් රැකලා පැල් කවි කියලා 
නිදි නැති දෙනෙත බරයි
වෙහෙස නිවන්නට තුරුලිය නලවා 
එන මද පවන සුවයි//

බොල් පිණි මත ලා හිරුරැස් වැටිලා මැණික් ලෙසින් දිලිසේ
මට බහ දුන් දා විලියෙන් ඇඹරේන මැණිකේ කෙනෙක් විලසේ
මෙදා සැරේ කුරහන් කිරි වැටිලා සුළ‍‍‍ඟේ ලෙලදෙනවා
කුඹුකෙන් නාගෙන වරල විදා යන මැණිකෙව සිහිවෙනවා

රෑ පැල් රැකලා.......

ගොවිතැන් සාරයි එකෙන් නැහැ නොවැ අතමිට අඩුපාඩු
පළදන්නම් ගෙල මාල සවන් යුග ලෙලවමි රන් තෝඩු
ගේ පොඩියෙත් වැඩපල අවසන් මුත් එළියක් එහි නෑනේ
මේ කන්නයෙදිම අස්වනු කැපුවම කැපුවම මැණිකෙත් එනවානේ 

රෑ පැල් රැකලා.......
 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.