රෑ අහසේ (සැමදා ම‍ගේමයි)rae ahasee (saemadhaa mageemayi)

Ra Ahase (samada Magemai)

Music:
බිලී ප්‍රනාන්දුbilii pranaandhu
Lyrics:
නන්දන වික්‍රමගේnandhana wikramagee

Lyrics

සැමදා මගේමයි කීවේ ඔයාමයි
ඔය දෑස අද ඇයි 
ඉවත බලා....
සිහිනේ සදාකල්
සැදුවේ ඔයාමයි
අද මම මෙහේ තනි වෙලා....

රෑ අහසේ සඳ පායන්නේ නෑ...
මේ අන්ධකා‍රේ මට පුරුදු නෑ...
ළඟ උන්නු කාලේ අමතක වෙන්නෙ නෑ...
ඔබ ළඟ නැති දා අඳුරේ ඉන්න බෑ...

ආදර වදන් වැල් ඔබ මට කියා දුන්
පෙර සේම අදටත් ඇහෙනවා
වෙන්වී ගියේ ඇයි සිහිනේ ඔයාමයි
හිත මගේ හඬා වැටෙනවා...

(රෑ අහසේ සඳ පායන්නේ නෑ...
මේ අන්ධකා‍රේ මට පුරුදු නෑ...
ළඟ උන්නු කාලේ අමතක වෙන්නෙ නෑ...
ඔබ ළඟ නැති දා අඳුරේ ඉන්න බෑ)...///

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.