පුතුනේ නිදනාputhunee nidhanaa

Puthune Nidana (Sangeethe Teledrama Song)

Music:
නිමේෂ් කුලසිංහnimeesh kulasinha
Lyrics:
තරින්ද කසුන්tharindha kasun

Lyrics

පුතුනේ නිදනා මගේ තුරුලේ 
සෙනෙහේ කිරි කරනා රතු ලේ
උපනා වැඩෙනා ලක් පොළොවේ
හමනා සුළඟ පවා අගනේ
නිල් වියනේ මල්බර වේ
උයනකි මේ සංතෝසයේ...

යායට පෙනෙනා කෙත සරු වේ
දා බිඳු මුතු වේ නුඹ නමිනේ
පුහුදිල පියුමේ ලය පතුලේ
මා ගැන නොසිතේ පුතු නගනේ...

මහ බෝ සෙවණේ සිලි සිලියේ
සිඹිනා මුණි සිරිපා පියුමේ
දළදා හිමිගේ රැකවරණේ
බැබලේ රන්වැලි සෑ අහසේ
දෙව්ලොව වේ මව්බිම මේ
රැකගම් මේ අම්මා වගේ...

යායට පෙනෙනා කෙත සරු වේ
දා බිඳු මුතු වේ නුඹ නමිනේ
පුහුදිල පියුමේ ලය පතුලේ
මා ගැන නොසිතේ පුතු නගනේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.