පුත නුඹව හරහට වඩාගෙනputha numbawa harahata wadaagena

Putha Nubawa Harahata

Lyrics

පුත නුඹව හරහට වඩාගෙන
සිගිති සුරතල් බලන්නට පෙර 
මවු කුසේ නුඹ චන්ඩිකම් කල කාලේ
බඩවතට සවනත තියා...
නුඹේ පා පොඩි සැලෙන හඩ ඇසු වෙලේ
දරා ගනු බැරි ප් ‍රේමයෙන්,
උපන්නේ ස්නේහ වර්ශා

මහා පොළොව හුරතල් කරන්නට 
සතුන්ටත් නෑකම් කියන්නට 
උපන් දා සිට මට කියා දුන් අම්මේ
ඔබ පිසූ බත් ඇට ගනින්නට බැරිව පැරදුණු දවසේ
දරා ගනු බැරි ප් ‍රේමයෙන්,
උපන්නේ ස්නේහ වර්ශා

වේදනා කදු ඇතත් හිස මත
පහන් දැල්ලෙන් දවා කරගැට
කරටගෙන මා එළිය පෙන්වූ තාත්තේ
දුක දැනෙද්දී හිනා වෙන හැටි නුඹෙන් දැන ගත් දවසේ
දරා ගනු බැරි ප් ‍රේමයෙන්,
උපන්නේ ස්නේහ වර්ශා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.