පුරමි පාරමී (පියාණනේ)purami paaramii (piyaananee)

Purami Parami (Dad Song)

Music:
රකිත වෙලන්ගොඩrakitha welangoda
Lyrics:
රන්දික අමරසූරියrandhika amarasuuriya

Lyrics

පුරමි පාරමී පතමි හැම භවේ 
ඔබගේ පුතු ලෙසේ සසරේ රැඳෙන සේ//

චන්ද්‍ර මණ්ඬලේ අනන්ත තාරුකා හිමි 
මංමුලා නොවී හිඳින්න මං කියූ පියේ 
උදා හිරු වගේ මගේ ලෝකයේ තිමිර නැසූ 
පියාණනේ ඔබේ පාද වන්දනා කරම් 

පුරමි පාරමී...//

කල්ප වෘක්ෂයක් වගේ නොසෙල්වී සෙවණ වූ 
සෙත් කවක් සේ දුක් නිවාල සිත් පහන් කෙරූ 
මහ සාගරේ වගේ ආදරේ නිමා නොවූ 
පියාණනේ ඔබේ පාද වන්දනා කරම් 

 පුරමි පාරමී...///

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.