පුර සඳ හැඩයිpura sanda haedayi

Pura Sanda Hadai

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha
Lyrics:
සෝමරත්න දිසානායකsoomarathna dhisaanaayaka

Lyrics

පුර සඳ හැඩයි… මසකට වරයි 
තරු කැට පොඩියි… සැම දින දිළෙයි
පුර සඳ නොවේ
තරු කුමරියේ …..මම  ඔබට පමණයි ආදරේ

එක දිනෙක මසකට… මවන රූ සිරි සඳවති
අවපස හැරී… නොපෙනී යති
හැම දිනම එක ලෙස මදෙස බලනා නිවී නිවී
තරු කුමරියේ….. මම  ඔබට පමණයි ආදරේ

මොන රුසිරු තිබුනද… එක විලස මට හිමි නැති 
මට මොටද දිදුළන… සඳ වති
ඔබ දුරක සිටියද නිබඳ එක ලෙස දිළිදිලි 
තරු කුමරියේ…. මම  ඔබට පමණයි ආදරේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.