පුරා පිටු ගණනක්puraa pitu gananak

Pura Pitu Gananak

Lyrics

පුරා පිටු ගණනක් ලියු පෙම් හසුන්
නොලිව්වට අද නම්
එදා වගේමයි අදත් මිහිරියේ
ඔබ ගැනමයි කව් කම්

නුවර වීදි දිග අත් පටලාගෙන
යලි යන්නට ඇතිනම් //
අතැගිල්ලේ එල්ලී එන පුතු
ඉඩචේවිද අද නම්

නීල දිගැසියේ ඔබේ සෙනෙහස ගැන
ලියූ කවි වැල් මදි නම් //
සසර පුරා ඔබේ සුවඳ සොයාගෙන
හැමදාමත් එන්නම්

පුරා පිටු ගණන් ........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.