පුර හද ලෙසpura hadha lesa

Pura Handa Lesa

Lyrics

පුරහද ලෙස සම කල මගෙ මුහුනේ
නළලත මා සිත්තම් කළ කුංකුම තිලකේ
ඔබ දුටු ලස්සන ඇයි බොඳවී මැකුනේ
පෙර ලෙස පැහැබර නැතිවද නළලේ තිලකේ

ඇසුරින් මිදීලා ඔබ සමුගෙන යාදෝ
මිහිරෙන් පිරී ලොව අමිහිරි වේදෝ
ඔබ සිටු කුමරියකට බහ දුන්නාදෝ
මට පිටුපා ඇගෙ අතිනත ගන්නේදෝ

ඔබගෙන් වියෝවී ලොව මා තනිවේදෝ
සිත මා විකල්වී අසරණ වේදෝ
මගෙ සිත තුල තෙරපෙන දුක දන්නේදෝ
එය මා කෙලෙසක ඉවසා ගන්නේදෝ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.