පුර හඳ ලඟින්මpura handa langinma

Pura Handa Langinma

Lyrics

පුර හඳ ලඟින්ම 
කඳුළු බිංදුවක් ගෙනත් තියා
තරු එළියටත් හොරෙන් 
කෝ ඔබ කොහිද දුර ගියා...//

මාල මල් ලතා මලතියක ලියා එවා
දෑල සිත් විලේ සසැලි රැලි සරැලි නගා....//
ඔබ ආදරේ කියා දුන්නෙත් සඳක් සේ මවා...

පුරහඳ ලඟින්ම කඳුළු බිංදුවක් ගෙනත් තියා
තරු එළියටත් හොරෙන් කෝ ඔබ කොහිද දුර ගියා..

ලන්ද මත පිපී මලති පරවෙලා ගියා
පින්න පිණි වැටී පුර හඳ බොඳ වෙලා ගියා//
ඔබ සෞම්‍ය සඳ කියූ ප්‍රේමය කෝ කොහිද ගියා...

පුරහඳ ලඟින්ම කඳුළු බිංදුවක් ගෙනත් තියා
තරු එළියටත් හොරෙන් කෝ ඔබ කොහිද දුර ගියා.

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.