පුන්‍යවන්ත පෙම්වතිpunyawantha pemwathi

Punyawantha Pemwathi

Lyrics

පුන්‍යවන්ත පෙම්වති..
ප්‍රේමවන්ත ජන්මයේ..
ශාන්තවූ ප්‍රසන්න රැයක..
සිල් මුදම්ද මාදවි..
පුන්‍යවන්ත පරම පෙම්වති.. //

හුදකලා අනන්තයේ..
කල් බලා හිමින් සැරේ..
හඳුනගත්ත දේවතාවියේ..
අසංතෝෂ හිතක මහිම..
මැවූ මෙනෙවියේ..

පුන්‍යවන්ත පෙම්වති.../

සැදැහැති සඳවාහිනි..
සිතැඟි නිවන දේහිනි..
සිත අවනත සෙනෙහෙ වන්තියේ..
සිසිල සැපත අතුල යහන..
මැවූ පුන්‍යවන්තියේ..
ප්‍රේමවන්තියේ.

පුන්‍යවන්ත පෙම්වති....///

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.