පුන්සඳ රෑට ඇවිදින් හේනේpunsanda raeta aewidhin heenee

Punsanda Rata Awidin Hene

Music:
ඔස්ටින් මුණසිංහostin munasinha
Lyrics:
රත්න ශ්‍රී විජේසිංහrathna shrii wijeesinha

Lyrics

පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ
රන් කෙඳි සේම රන්වන් ඉරිගු ඉඹිනවාද
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ
රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිද

නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට
පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට
මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට.

පුන්සඳ රෑට... /

රන් කඳ සේම පින්සර මාගේ ඇතු නිදන
රන් මල් යාන හීනෙන් දකින පින පමණ
තුන්පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන
රන් කැටි පුතුට ඉඩ මදිවද මගෙ යහන

පුන්සඳ රෑට... /

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.