පුන්සඳ එළියයිpunsanda eliyayi

Punsanda Eliyayi

Music:
සුනිල් ශාන්තsunil shaantha
Lyrics:
අරිසෙන් අහුබුදුarisen ahubudhu

Lyrics

පුන්සඳ එළියයි එන මඳ සුළඟයි මල් මල් සුවඳයි
අනංගයාගේ මල් රජ දහනයි 
මල මලසරයයි

රන්තරු වැල් වැල් අතරින් දිළසෙන පුළුන් වළා වියනයි
ලලයි ලයි පුළුන් වළා වියනයි

සිය මනමාලිට කොහෝ තුරුල් වී කොහෝ කොහෝ හඬළයි
ලලයි ලයි කොහෝ කොහෝ හඬළයි

මී අඹ ලප දෙන කොළ යහනේ යුවල නිදා ගනිතෙයි
ලලයි ලයි යුවල නිදා ගනිතෙයි

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.