Lyrics
පුංචිම දේටත් තරහ ගන්නේ ඇයි
ඩිංගක් වත් මා ගැන නොසිතා
හිනාවෙන්න වගෙ අඬන්නටත් මට
පුරුදු කළේ නම් ඔබම තමා ....
අනාදරයෙන් මට කථා කළත් තව
සැනෙකින් යලි ආදරේ කියයි
සිතා ගන්න බැරි සතුට සේම දුක
මට ළං කර දුන් ඔබේ ගැනයි ..
ඔබේ ගැනයි ..
පුංචිම දේටත් ....
අනාගතේ ගැන බියක් ඇතත් සිත
කිසි වෙනසක් නැහැ ඔබේ ළඟයි
පලා යන්න බැහැ ඔබේ ලොවින් මට
රත්තරනේ ඔබ මගේ පණයි පණයි ....