පුංචි සමනළිpunchi samanali

Punchi Samanali

Music:
රොෂාන් ප්‍රනාන්දුroshaan pranaandhu
Lyrics:
සම්පත් ප්‍රනාන්දුපුල්ලේsampath pranaandhupullee

Lyrics

මගේ නෙත් මායිමේ ඉඳන් මට ඉඟි කරනා 
පුංචි සමනළි... පුංචි සමනළි...
ඔය නෙතු පියන්න කල හැංගී 
නුඹ සිපගන්නට ආසයි 
පුංචි සමනළි... 
මගේ නෙත් මායිමේ ඉඳන් මට ඉඟි කරනා 

(RAP)

ප්‍රේමයේ රූ සිතේ ඇන්දු 
ප්‍රේමයේ රූ සිතේ ඇන්දු
සිත්තාරවී... සිත්තාරවී...
ප්‍රේමයේ අම සුවඳ ඔබමයි 
ඔබ ලඟින් ඉඳ මසිත සැනසෙ 
හිතේ අද්දර පෙම කැලත්තු 
අහිංසකාවි.....

මගේ නෙත් මායිමේ ඉඳන්.../

(RAP)

කෝල දෙනුවන් මතින් හිනැහෙන් 
කෝල දෙනුවන් මතින් හිනැහෙන්
සුන්දරාවී... සුන්දරාවී...
ආදරේ රස ගඟුල ඔබමයි 
බොලඳ සිතුවිලි මහද උතුරයි 
නුහුරු හැඟුමන් පොකුරු රැන්දු 
අංගනාවි....

මගේ නෙත් මායිමේ ඉඳන්.../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.