පුංචි පුතු මගේpunchi puthu magee

Punchi Puthu Mage

Lyrics

පුංචි පුතු මගේ 
හිනැ‍හෙන්නෙ මං වගේ
හැමදාම හැම‍දෙනාම කියනවා
ලස්සනයි පුතේ 
ඔය රන් සිනා නු‍ඹේ
අම්මටයි මටයි වාසනා

මා ගිටාරය වයා
ගීත ගයනවා බලන්
නටයි පුතු ම‍ගේ ළඟ ඉඳන්
පුංචි පා තබා
අත්  පුඩි තට පට ගාලා
ගසමින් මා පුතු හිනැ‍හෙනවා

කාලය ‍ගෙවිලා
පුංචි පුතු ‍ලොකුවීලා
සුන්දරවූ මතු අනාග‍තේ
අම්මිටයි මටයි රටටයි
‍නොම බරක් ‍වෙලා
‍හොඳ මිනි‍හෙක් ‍වෙන්න සුදු පු‍තේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.