පුංචි පුතේ පුංචි දුවේpunchi puthee punchi dhuwee

Punchi Puthe Punchi Duwe

Lyrics

පුංචි පුතේ පුංචි දුවේ ඉපදුන සිරිලක් දිවේ..
පුංචි පුතේ පුංචි දුවේ ඉපදුන සිරිලක් දිවේ..
ආරිය කුල තාලය ලෙස කාලය ගෙවමූ ලොවේ..
ආරිය කුල තාලය ලෙස කාලය ගෙවමූ ලොවේ..
(පුංචි පුතේ පුංචි දුවේ ඉපදුන සිරිලක් දිවේ)..//

(සෙංකඩගල නගරය මැද සිරිදළදා මංදිරේ..
රන්වැලි සෑ සිරිමහ බෝ බැබළේ අනුරාපුරේ)..//
මේ රට මුතු ඇටයකි සොඳ ඉන්දිය මහ සාගරේ
ඉන්දිය මහ සාගරේ...

පුංචි පුතේ පුංචි දුවේ ඉපදුන සිරිලක් දිවේ
පුංචි පුතේ පුංචි දුවේ ඉපදුන සිරිලක් දිවේ

(රන් සමනළ මස්තකයෙහි සම්බුදු සිරිපා දිලේ..
සිංහල අත් දස්කම් පෑ සුන්දර සීගිරි ගලේ)..//
වටිනාකම රකිනා ඔබ නමට වදී තුන්හෙලේ
නමට වදී තුන්හෙලේ...

පුංචි පුතේ පුංචි දුවේ.../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.