පුංචි කාලේ අපිpunchi kaalee api

Punchi Kale Api

Music:
බන්ධුල විජේවීරbandhhula wijeewiira
Lyrics:
චන්ද්‍රදාස රාජපක්‍ෂchandhradhaasa raajapaksha

Lyrics

(පුංචි කාලේ අපි සිංදු කියපු හැටි
පැංචියේ මට මතකයි
පුංචි පැටික්කිට වෙච්චි පොරොන්දුව
ඉර හඳ වගෙ මතකයි...//)

(ඉන්දුමතී උඹේ ලස්සන හැඬ රුව
මගේ හිතේ ඇඳිලා...//)
(රුවට රුවක් නැත උඹේ රුව වාගේ
මෙච්චර කල් දැකලා...//)

පුංචි කාලේ අපි....

(නැන්දලා මාමලා කඩමළු අරගෙන
එනවාලු ලේලි බලන්...//)
(ඇවැස්ස නෑකන් කියාන ආදෙන්
බහක් නොදී ඉඳපන්...//)

පුංචි කාලේ අපි....

(රංචු පිටින් උඹ කැන්දන් යන්නට
ඒවී නොයා ඉඳපන්...//)
(මංගල මොහොතක තැලිපිලි අරගෙන
ළඟදිම මං එන්නම්...//)

පුංචි කාලේ අපි....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.