පුංචි අකුරු කියවගන්න කොහොම හරි හෙමින්punchi akuru kiyawaganna kohoma hari hemin

Punchi Akuru Kiyawaganna

Lyrics

පුංචි අකුරු කියවගන්න කොහොම හරි හෙමින්
පුන්චි දුවට මේ  ලීයන්නෙ තාත්තාගෙ අතින්
වෙන්න තියන හැම දෙයක්ම උනා මට ඉතින්
මගෙ ලොවේ කදුලු නිවුනෙ චූටි දුව අතින්

මාසෙකට වරක් ගෙදර අවිත් කදවුරු යනවා
මේ රට රකින්න උදේ හවස අපි වෙහෙසෙනවා
ඒ උනත් පුතේ අම්මා වැරදිනෙ හිතනවා
ඇගෙ සුවද තවත් පෙම්වතෙකුට කූඩු හදනවා

මට හරි ආසයි ගෙදර අවිත් දුව ලග ඉන්න
නැහැ මටත් ඉඩක් පෙම් කූඩුවෙ යලි රජ වෙන්න
මහ මූසලකම සුවද අරන් එහෙම පිටින්ම
නාවාට දුවේ තාත්තාට සමාව දෙන්න

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.