පුන් සඳ රන්තරු ගිලිහෙද්දෙන්pun sanda rantharu gilihedhdhen

Pun Sanda Rantharu

Lyrics

පුන් සඳ රන්තරු ගිලිහෙද්දෙන්
සුන්දර ළා හිරු නොනැගෙද්දෙන්
ඔබ මා ළඟ නිරතුරු පසුවෙද්දෙන්
නෙත් පහනින් පැල එළිවෙද්දෙන්
මල් එතනෝ - ප් ‍රිය මල් එතනෝ
මගෙ හද ඔබ ළඟ මල් එතනෝ

ගෙල වට කර හත් ඉරි වැටිලා
අඞසඳ නළලෙහි ඇත ඔබලා
ඔබේ දෙතොළඟ නා දළු පැහැ ගැහිලා
මුවතුල ගජමුතු ඇත පිරිලා

උකුළු මුකුළු දෙන කැකුළු
සිනා එකලු වෙමින් මුව තුරුළු වුණා
නිල්මිණි කැල්මෙන් බැල්මෙන් හෙළනා
මා පිංකළ බව මට හැඟුණා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.