Lyrics
පුළුවන්කමකට නොවෙයි මෙමා අමාරුවෙන් හිත ගත්තේ හදා
මේ පුංචි සුභ පැතුම පිළිගෙන මෙදා ඔබ ඉන්න යහතින් සදා
ඉරණම් ගමනේ උරුම කෙනා ඔබම කියා සිතුවාට වඩා
අපි හිටියා නම් මුලදී අතදුර තියා නෑ මෙහෙම අද දුක් වෙලා
අදටත් වඩා මතු දින ඔයා පසුතැවෙනවා නිසැකයි තමා
නිසැකයි තමා.......
සැණෙකින් මාගේ ජීවිතේ රවටලා බොරුවෙන් ලැබුවේ
මොනවදෝ ඔයා එදා අදටත් වඩා මතු දින ඔයා
පසුතැවෙනවා නිසැකයි තමා නිසැකයි තමා.......
ඇසුරින් ඔබගේ උගත් පාඩම් නිසා නැවතත්
ඕනේ නෑ කෙනෙක් දිවිතුරා......
පුළුවන්කමකට නොවෙයි.......