පුල්ලි ගොනා ගෙට පැනලාpulli gonaa geta paenalaa

Pulli Gona Geta

Lyrics

පුල්ලි ගොනා ගෙට පැනලා
කඹය කඩාගෙන
ගෙදර උන්දැ කොණ්ඩෙ බඳින
හවරිය කාලා
කොන්ඩෙ බඳින්නට විදිහක් 
නැතැයි කියාලා
මටයි දෝසෙ තියන්නෙ
මං මක් කොරන්ටද

හත් වලාමෙ වෙච්චි දේට
මක් කොරන්ටද......

උපන් දවසේ සිට
තණකොළ කන ගෙරියට
කන්න දෙයක් නැතිව වාගේ
හවරිය කාලා .....

කරුමෙක මහත
නරක නාමෙ දැන් මට
හිතල කොරපු දෙයක් යෑ
බැණල වැඩක් වෙනවයැ
හත් වලාමෙ වෙච්චි දේට
මක් කොරන්ටද......

මහා විසාලෙට තිබුණු
කොන්ඩේ නැතිකොට
මඟට බහින්නේ කොහොමද
කියලා අහනවා 
වයස ගිහිල්ලත්
ගෙදර උන්දැගේ කෝලම්
මහ පාරේ යන්නට
කොණ්ඩේ නැතිව බැරිවයැ
හත් වලාමෙ වෙච්චි දේට
මක් කොරන්ටද......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.