පුදුමයි ආදරේpudhumayi aadharee

Pudumai Adare

Music:
කේෂාන් පෙරේරාkeeshaan pereeraa
Lyrics:
කුෂාන් මනින්ද්‍රkushaan manindhra

Lyrics

පුදුමයි ආදරේ පසුවයි තේරුණේ
ඈතට යාවි ළංවෙන්න දීලා
පාරාදීසයේ පෙනෙනා මානයේ
හැර යනවාද මා අගුළු දාලා

ඔබ ඉරා විසි කළා විශ්වාසේ පවා
මා ඔබේ රංගනේ විඳිනවා විඳවලා
ඔබ යන ගානේ පිළිගනු බෑනේ
මේ ආවේ අවසන් වාරේ
ආදරයේ හෝරාවේ
අවසානේ මොහොතයි මේ

දෑස ගැටෙන හැම අන්තේ
අපේ මතක ගිනි ගත්තේ
නෙතු වසා සදාකල් ඉන්න වේවිදෝ
හීන තැනුවෙ ඔබ මත්තේ
ඇයි සියල්ල අරගත්තේ
එයින් ඔබට සැනසුම් ලැබුණාදෝ

ඔබ ආලෝකෙ දී සෙවනැල්ලක් වගේ
අඳුරේදි සැණින් නික්මෙනා

ඔබ ඉරා විසිකළා....

මගේ හැඟුම් හඟවාලා පලක් නොමැත හඬවාලා
තවත් ඔබව පතලා කුමටදෝ
ඔබේ රහස් මා දන්නා මතකයේ නිදන් කෙරුවා
මාත් සමග යාවී වැළලිලා
ආදරයත් අපේ ඉටිපහනක් වගේ
ඔබ දැල්වීලා මා දියවුණා

ඔබ ඉරා විසිකළා....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.