ප්‍රේමියෙ ප්‍රමිලාpreemiye pramilaa

Premi Pramila

Music:
පසන් ලියනගේpasan liyanagee
Lyrics:
කැලුම් ශ්‍රීමාල්kaelum shriimaal

Lyrics

වශී සුළි ලෑ රෝස කම්මුලේ 
තැබූ හාදු තිලකේ තියන් 
කදුළු පුරෝගෙන ඈත බලාගෙන 
හිඳිනු මැනවි දෑත් බැඳන් 

ඔබ දමා ගියාට ආයෙත් 
නොඑනා ගමන් 
එනවාමයි මං මතු අත්භවයේ 
ප්‍රථම ප්‍රේමේ අරන් 

(ප්‍රේමියෙ ප්‍රමිලා අන් සතු සිතට 
පෙම් කල වරදට 
දංගෙඩියට යන බව දැන සිටියා මං 
ඔබ දුටු දිනේ පටං 
ප්‍රේමියෙ ප්‍රමිලා එනවාමයි මං 
ආයෙත් සොයන් ප්‍රේමේ නාමෙන්...//)

කවි සිත වෙත පෙම් බැඳි අගබිසවුණි 
බිසෝ කොටුවේ කොටු වී විඳ වූ ගිනි 
ලැව්ගිනි සේ ලා රතියෙන් අවුලා 
ප්‍රේමෙන් කලතා මා දමනය කළ 
ප්‍රේමියෙ ප්‍රමිලා....
ප්‍රේමියෙ ප්‍රමිලා....

ඔබ දමා ගියාට ආයෙත්.... 
ප්‍රේමියෙ ප්‍රමිලා අන් සතු....

කුමන රුවත් නෑ ඔබවන් රුවැති 
කුමන සුවත් සුව නෑ ඔබ නොමැතී 
බමන මතින් මෙන් ඔබටම ගැති වී 
මරණින්  මතුවද ඔබ වෙතම එමී 
ප්‍රේමියෙ ප්‍රමිලා....
ප්‍රේමියෙ ප්‍රමිලා....  

ඔබ දමා ගියාට ආයෙත්.... 
ප්‍රේමියෙ ප්‍රමිලා අන් සතු....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.