ප්‍රේමෙන් බැදෙන්නෝpreemen baedhennoo

Premen Bandenno

Lyrics

ප්‍රේමෙන් බැදෙන්නෝ සිටිති ලොවේ
එයින් කීයෙන් කීදෙනෙකුන්දෝ දන්නේ සුවේ
බඹරා පියාඹා මල් මල් සොයා
රොන් ගන්නා වාගේ පෙම් ගීතිකා ගයා.....

රස තැන් සොයලා යම් ලෝකයේ
ළතැවී ඉඳ නෑ මා සෝකයේ
ගීතය මාගේ ජීවිතයයි
ආදර ජීවේ මී විත වෙයි
මා දිරි දී පුබුදන්නේ මාගේ සිතයි......

එළියේ එළි වී රෑ වෙද්දෙන්
දෙතොලේ මධු මී වෑහෙද්දෙන්
මල්සරට පෙම් ලොව උයනේ
මම වෙමි මල් හී දුනු දුන්නේ
ලෝකය නම් උයනෙකි මල් මධුරයි රසයි.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.