Lyrics
(ප්‍රේමණීය ප්‍රේම විමනේ සුළං කපොළු බිඳ දමා
චණ්ඩ සුලි සුළං හමාලා ගිනියම් කළා......//)
(මගේ පෙම්බරා පසුපස හඹා එන්නේ ඇයි මේ ලෙස
අණ වින මායා බන්ධන දවයි ආදරේ ගිනිගෙන.......//)
මගේ ප්‍රේම පුදසුනට හිත් වේදනා දුන්නේ ඇයි
බිඳලන්න පෙම් බැම්ම බලවේගයන් එව්වේ ඇයි
(නෑ සැලෙන්නේ..... බිය නෑ සිත කොණකවත්.....//)
රැකගන්න මගේ පෙම්බරා ඇත මා සිත අවි දරා......
(ප්‍රේමායුධ......////)
යන්තර මන්තර ගුප්ත කතන්දර කේන්දරේ පටලා
මළවුන් බන්දා ජපකොට මතුරා තොවිලය බෙර පැලුවා
ආදරේ ලබන්න ප්‍රේමය දිනන්න වෛරයේ ගිනි මොලවා
කරන්නේ මොනවද මිිනිස් ප්‍රාණයක වටිනාකම නොතකා.......
ප්‍රේමණීය ප්‍රේම.......
(ප්‍රේමායුධ......////) (ප්‍රේමායුධ......////)