ප්‍රේමයෙන් මන රංජිත වේpreemayen mana ranjitha wee

Premayen Mana Ranjitha We

Lyrics:
එදිරිවීර සරත්චන්ද්‍රedhiriwiira sarathchandhra

Lyrics

[ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ
පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘත වේ//
ආලයෙන් වෙලි සැදි මෙලතා//
මණ්ඩපයෙන් චන්ඩා තප
ඛණ්ඩිත වේ හිරු රජිඳුගෙ// ]//

[කෝකිල හඬ කන් පිනවයි රන් ස්වරයයි
රෑන ගිරවු දෙන ගී සින්දූ අම බින්දූ//
සෑම දෙසේ සංගීත ඇසේ//
පිපි තඹරන නද බඹරන
පියරැව් දෙන ලිය කිඳුරන// ]//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.