ප්‍රේමයේ විල් තෙරේpreemayee wil theree

Premaye Wil There

Music:
H M ජයවර්ධනh m jayawardhhana
Lyrics:
කුලරත්න අරියවංසkularathna ariyawansa

Lyrics

ප්‍රේමයේ විල් තෙරේ
යෞවනේ මල් වනේ
ඇසෙන මේ ගී මියුරු රාවේ
සිතක ආරාධනා
ප්‍රේමයේ විල් තෙරේ

සුසුදු හසකැන් සලා
දෑස පෙරුමන් පුරා
පාළුවේ තනි වෙලා
කාටදෝ ඉඟි කලා

ප්‍රේමයේ විල් තෙරේ...

සීත පවනැල් ගලා
නීල තුරු මල් සලා
ආදරෙන් පිබිදිලා
ලෝකයම හිනැහිලා

ප්‍රේමයේ විල් තෙරේ...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.