ප්‍රේමයට නිම්නැති සුවයක්preemayata nimnaethi suwayak

Premayata Nimnathi Suwayak

Lyrics

ප්‍රේමයට නිම්නැති සුවයක් යැයි
හැඟුනේ ඔබ හමුවු පසුවයි
ප්‍රේමයට ලෝදිය බඳුනක් යැයි
දැනුනේ ඔබ වෙන්වු පසුවයි....
ප්‍රේමයට නිම්නැති සුවයක් යැයි......

මැවි මැවි මා අසලම සරණක් 
ඔබ රූ සුව දසුනක් 
එනමුදු ඒ රූ මැවෙනා හැමවිට
මා හද ගිණිඋදුනක්...
ප්‍රේමයට නිම්නැති සුවයක් යැයි........


මා මියගිය පසු සෑයේ දවන්නට 
ඇවැසි නොවේ ආයෙත් 
ඔබ වෙන්වූ පසු දැවිලා අවසන් 
ඉතිරිව නෑ කිසිවක් 
ප්‍රේමයට නිම්නැති සුවයක් යැයි
හැඟුනේ ඔබ හමුවු පසුවයි
ප්‍රේමයට ලෝදිය බඳුනක් යැයි
දැනුනේ ඔබ වෙන්වු පසුවයි....
ප්‍රේමයට නිම්නැති සුවයක් යැයි......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.