ප්‍රේමයට නිම් හිම් නැතිpremayata nim him naethi

Premayata Nim Him Nathi

Lyrics

ප්‍රේමයට නිම් හිම් නැති
උල්පත උනා යැයි ඔබම කී
කවියාණනේ ....
මා ඔබේ ඔභගෙයි සදාදර පෙම්වතී
ප්‍රේමයට නිම් හිම් නැති

විසල් අහසට දුක දැනී
හිතුනු විට වැළපෙනු හැකී
සැඩ කුණාටුව වියරු වී
උණුසුම් සුසුම් වගුරනු ඇතී
මට මගේ ඇස් දෙක විතරමයි
නිලුපුල් වරදදැයි ඔබම කී

ප්‍රේමයට නිම් හිම් නැති

රෑ දිවා ඔබ ගැන තැවී
නිල සේදිලා රතු පෑ වුනී
මට මගේ ඇස් දෙක විතරමයි
නිලුපුල් වලට මා ණය නැතී
මේ අළුත් කඳුළු ඔබටමයි
ඔබෙ කවි වලට ගන්නට හැකී

ප්‍රේමයට ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.