ප්‍රේමය පුද දී අවසානයිpreemaya pudha dhii awasaanayi

Premaya Pudadee awasaanai

Lyrics

ප්‍රේමය පුද දී අවසානයි 
ඔහු සතු වී කාලය බොහොමයි 
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවනෙන් යන්න 

පරාජයේ දුක මට පුරුදුයි
සැනසුම නුඹ වාගේම ඈතයි
තහනම් සෙවනේ ඉන්න 
තව මොහොතක් ඉඩ දෙන්න 

එක වදනක් පවසන්නම් 
එය හදවත හඩවයි නම් //
මා වෙනුවෙන් නොහඩන්න
ජීවිතයට ඉඩ දෙන්න
ඔය කී ලෙස මතු ඉන්න 
දිවුරුන්නම් බෑ දෙන්න 

ප්‍රේමය පුද දී .../

ආදරයක් තියෙනවනම් 
දෙනෙතින් පිළිතුරු දෙන්නම්//
මට නොපෙනී පිටවෙන්න
නොහදුන කෙනෙකුන් වෙන්න
ගත ගෙනයන්නම් දුරක 
හිත නම් බෑ ගෙනියන්න 

ප්‍රේමය පුද දී .../ 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.