ප්‍රේමාලිංගනේpremaalinganee

Premalingane

Music:
චතුරංග ඩිසිල්වාchathuranga disilwaa
Lyrics:
සම්පත් ප්‍රනාන්දුපුල්ලේsampath pranaandhupullee

Lyrics

ප්‍රේමාලිංගනේ නිල් පාට ඇස් ඇයි හිනැහුනේ 
හීනෙන්ම මුළු රෑම ඔබ ළං වුනේ //

උන්මාද ආදරේ ඉවසන්න බෑ අනේ
කිමිදෙන්න හැඟුමන් විලේ
සංසාර මාවතේ තනි වෙන්න බෑ අනේ
ඉගිලෙන්න හද මාළිගේ
සෝ තාප දුරලන්න ජීවිතේ
ඔබ ඉන්න නෙතු ගාව මායිමේ

ප්‍රේමාලිංගනේ ....

නෙතු කී කතන්දරේ කවිකාර මන්තරේ
මුමුණන්න හෙමින් සැරේ 
අරපේන අම්ඹරේ පාවෙමු නිරන්තරේ
නැහැවෙන්න සඳකැන් හඳේ
සෝ තාප දුරලන්න ජීවිතේ 
ඔබ ඉන්න නෙතු ගාව මායිමේ 

ප්‍රේමාලිංගනේ .... //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.