ප්‍රීතියෙන් සතුටින්priithiyen sathutin

Preethiyen Sathutin

Lyrics

ප්‍රීතියෙන් සතුටින් ඉමු ඉන්න ඩිංග දැන්
එනු සුදා... එමි හොඳා.... 
එනු සුදා... එමි හොඳා.... 
ඔබ මන් ලග දැන් වෙන කාටවත් නොම දෙන් 
එනු සුදා... එමි හොඳා.... 
එනු සුදා... එමි හොඳා.... 

හිත ගතම පුරා දෙමි සැපත සදා 
ඉල්ලන්න සුදා එක බැල්ම මැද 
මනලෝල හැඟුම් මනමාල කියුම් 
අනුරාග බැලුම් පුදවී හැඟුම් 
තරුණයෙකු වෙලා හිත කය තිබිලා 
ඇස් දෙක පෙනිලා ඉන්නද නොබලා 
සනසාලනු මැන රිසි සේ ඔබ දැන් 

ප්‍රීතියෙන් සතුටින්.../

මී මැස්සි ඔබේ පැණි සොයනා මලේ 
අපි පිස්සු වැටි නුඹ වසග කලේ 
(එම සොයන පැණි දෙනු මොකද බැරි 
මී මැස්සියෙනි සැනසෙන් නොතැවී...//)
මේ හැදුව රජ මී මැස්සියගෙන්

ප්‍රීතියෙන් සතුටින්.../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.