Lyrics
ප්‍රවේශමෙන් ඉන්නයි ඕනා බොහෝ කලක් සතුටින්ම ඔයා
දුකම විතරක් දුන්නා කියා තරහා නෑ කිසිදා
හිතක් නැති ගාණට දුරින් ඉන්නේ නුඹ
බිඳක් නැතිවද අද මා කෙරේ සෙනෙහස...
නොගැලපෙන පෙම් ජීවිතේ ගලපගෙන හිටියා නම්
එදා වාගේම නුඹ අදත් මගේ විතරයි ඉතින් රත්තරන්
හිතක් නැති ගාණට දුරින් ඉන්නේ නුඹ
බිඳක් නැතිවද අද මා කෙරේ සෙනෙහස...
කරතියා අපමණක් බැඳුම් දුරක් යන්නට නුඹ ළඟින්
මැව් හීනය මිය ගොසින් කමක් නෑ නුඹ සතුටින් නම්
හිතක් නැති ගාණට දුරින් ඉන්නේ නුඹ
බිඳක් නැතිවද අද මා කෙරේ සෙනෙහස...
ප්‍රවේශමෙන් ඉන්නයි ඕනා.....