ප්‍රාතිහාරීpraathihaarii

Prathihari

Music:
සෙනංඟ දිසානායකsenannga dhisaanaayaka
Lyrics:
ශෙහාන් ගලහිටියාවshehaan galahitiyaawa

Lyrics

ප්‍රාතිහාරී නුරා ගේනා
මීන දෑසේ මවා ආශා
රූපසාරී මැවී පේනා
චන්ද්‍රශෝභා රසේ පානා
මන ආශා රටා පානා
හිත පෑහී සොබා ගේනා

නේත්‍රා මානනා
සිත පාරා පෑසිනා
සීමා නෑ සිතා
ඉඟි පානා දෑසිනා
සිහින යායේ සරා මා හා
එනවාදෝ මවා සේයා
ප්‍රේම හීනේ සොබා ගේනා

සේයා රෑ ගෙනා
නිම නේනා කාරණා
ඡායා රූ මවා 
නෙතු පේනා රෑ දිවා
සිහින යායේ සරා මා හා
එනවාදෝ මවා සේයා
ප්‍රේම හීනේ සොබා ගේනා                               

ප්‍රාතිහාරී නුරා ගේනා....
හිත පෑහී සොබා ගේනා
හීනේ සොබා ගේනා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.