ප්‍රශ්නයක් අහන්නදprashnayak ahannadha

Prashnayak Ahannada

Music:
ප්‍රගීත් පෙරේරාpragiith pereeraa
Lyrics:
කැලුම් දිසානායකkaelum dhisaanaayaka

Lyrics

මං කියන දේ ආදරෙන් අහන්නකෝ
වංචා හිතේ වැරදි අත් හරින්නකෝ
දැන් මා ඔබේ ලඟ නොවේ හිතන්නකෝ
මින් මතු ලොවේ හොඳට කල් ගෙවන්නකෝ

ප්‍රශ්නයක් අහන්නද - ලස්සනයිද ජීවිතේ
උත්තරෙත් කියන්නද - වැරදුනානෙ ජීවිතේ..//

ඔබ කලේ සෙල්ලමක් - මං පරාද චරිතයක්
ජීවිතේ හිරගෙයක් - දුකම වින්ඳා කාලයක්
නෑ පොහොසත් කම දුප්පත් - පිලිගන්නවා මගේ
තව දුරටත් හිත සවිමත් - වට්ටන්න බෑ හොඳේ

ප්‍රශ්නයක් අහන්නද - ලස්සනයිද ජීවිතේ
උත්තරෙත් කියන්නද - වැරදුනානෙ ජීවිතේ..//

සිහිවුනා පොඩි දෙයක් - ඔබ කියාපු වචනයක්
ආදරෙයි මහ ගොඩක් - කිවුව නැද්ද මතකයක්
නෑ පොහොසත් කම දුප්පත් - පිලිගන්නවා මගේ
තව දුරටත් හිත සවිමත් - වට්ටන්න බෑ හොඳේ

ප්‍රශ්නයක් අහන්නද - ලස්සනයිද ජීවිතේ
උත්තරෙත් කියන්නද - වැරදුනානෙ ජීවිතේ..//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.