ප්‍රාර්ථනාpraarthhanaa

Prarthana

Music:
දෙනුවන් කෞෂකdhenuwan kaushaka
Lyrics:
යසිත් දුල්ෂාන්yasith dhulshaan

Lyrics

ප්‍රාර්ථනා කරමි මා
තරුවක් ගිලිහිලා වැටෙනදා
කිසිදිනේ ඔය හිතේ
සතුට උදුරන්නෙපා හිමිකෙනා
අන්සතු උනත් මේ වාරයේ

දින ගණන් ගෙවිලා ගියා 
ඔබෙන් ඈතට වෙලා 
හදවතේ ගැඹුරුම තැනේ 
ඔයා තව ඉන්නවා 
ළඟ නැතුවත් අදටත් ආදරෙයි මං 
අන්සතු උනත් මේ වාරයේ

ආයේ මුණගැහුනොත් ඔයා 
යන්තමින් හිනැහිලා 
හදවතේ දුක සඟවමි 
මුහුණතින් මා සදා  
ළඟ නැතුවත් අදටත් ආදරෙයි මං 
අන්සතු උනත් මේ වාරයේ

ප්‍රාර්ථනා කරමි මා....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.