ප්‍රණීත මී පැණිpraniitha mii paeni

Praneetha Mee Pani

Lyrics

ප්‍රණීත මී පැණි ගෙන ආවත් විස ඇති බඹර තුඩේ
උදා එළිය පුබුදා සිය නෙත් පිබිදෙයි නෙළුම් මඩේ
පිපෙන පිපෙන හැම මල් නෙළුවත්  ගස මල පුබුදනවා
ගලන සියළු රළ කරදියරෙහි ගඟ රැළි නංවනවා

බිඳින බිඳින තරමට සුවඳයි සුධවල සඳුන් ගසේ
පිසින පිසින තරමට උපදයි කඳුළැලි බිඳුණු ඇසේ //

ප්‍රණීත මී පැණි ........

මිනිසුන් පිය සටහන් තැබුවත් නොබිදෙයි කිරණ සදේ
මහද ආදරය තව උපදයි ඔබ රිදවුවවත් ළදේ //

ප්‍රණීත මී පැණි .....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.