පොරොන්දුවක් (පණට නමක් 2)porondhuwak (panata namak 2)

Poronduwak (Panata Namak 2)

Music:
හෂාන් තිළිණhashaan thilina
Lyrics:
ප්‍රසන්න කුමාර ධම්මලගේprasanna kumaara dhhammalagee

Lyrics

මා ඉන්නම් ඈතකින් නොගැටී ඔය ඇස් දෙකේ 
හැමදාමත් ආදරේ සඟවා හිතේ 
හිමිවීමක් නෑ ඉතින් ලං වූවට ඒ වගේ 
කවදාවත් ඉටු නොවේ පැතුමන් අපේ

අහඹුවක් නොවේ වුනත් මුණගැහීම මේ 
අරන් යන්න බෑ දුරක් ඇසුර තව අපේ 
(පොරොන්දුවක් මේක මගේ වෙනස් නොවන කිසිදාක 
දුරස් වුනත් ඔබට හිතේ තියේවි ඉඩ හැමදාක)..//

මුළු රෑ පුරා නින්දෙන් මා මුදා
ඒ මතකයන් හැමදා සිහිවෙලා 
හිත පෑරුවත් කොතරම් විඳ දරා 
ඉන්නම් ඉතින් නෑවිත් යලි සදා

අහඹුවක් නොවේ වුනත්....

හුරුකම් නිසා සසරේ පෙර එදා
බැදුනත් ඉතින් නොදැනී නොසිතලා 
හැර යන්නේ නෑ කීවත් දිවුරලා 
අපි මේ භවේ අපගෙන් ගිලිහිලා

අහඹුවක් නොවේ වුනත්....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.