පූජාවක් ආදරේ මා සිතනා පරිදිpuujaawak aadharee maa sithanaa paridhi

Poojawak Adare

Lyrics

පූජාවක් ආදරේ මා සිතනා පරිදි
කවදාවත් නෑ සිතේ
කිසි වෙනසක් ඉපදී
ඔබ වෙන් වී යන්න ගියත්
කියාපු සේ නොරැදී 
ඔය රුව නම් නොමැකේවී 
සදා මගේ හිතෙහී

දොසක් මා නොකියමී
වැරැද්දක් නොපතමී
ආදරේ කල හිතින්
වෛර මා නොකරමී...//

තේරුම් ගද්දි දෙන්නට දෙන්නා කාලේ හුගක් ගෙවිලා
ගැලපුම් නොගැලපුම් සොයලා
තනියෙන් තීරණේ කරලා
නොගිහින් උන්නා නම් තව ටිකක් ඉවසලා
පණ තියෙනා තුරුම මං
ඔබ ලගින් ඉන්නවා

දොසක් මා නොකියමි...//

මොහොතක් ගානේ සිහියට නැගිලා උන්නේ මගේ කියලා
අදටත් දෑස මේ තෙමෙනා මතකෙන් යන්න බෑ මිදිලා
නොගිහින් උන්නා නම් තව ටිකක් ඉවසලා
පණ තියෙනා තුරුම මං ඔබ ලගින් ඉන්නවා

පූජාවක් ආදරේ.....
දොසක් මා නොකියමි....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.