පොළොන්නරුවේ පොඩි විජේpolonnaruwee podi wijee

Polonnaruwe Podi Wije

Lyrics

පොළොන්නරුවේ පොඩි විජේ 
වෙඩි නොවදින පොඩි විජේ 
දැඩි එඩි පෑ පොඩි විජේ 
කැළේ රජ වුණා
වෙඩි පිට වෙඩි තිය තියා 
නීතිය ලුහුබැඳ ගියා 
කලකම් පලදී එයා 
මරුට බිලි වුණා 

ගෙනයන්නට බැරි තැන පවුලක බර 
පොඩි විජේ කලේ ගමට හිරිහැර 
බැද්දෙට වෙඩි සද්දේ හොඳින් හුරු කර
පරසිද්ද වුනා හද්ද පිටිසර 
මව්පියො සොහොයුරුසොහොයුරියන් රැක
ගන්නට වෙහෙසුනා විඳ දුක 
හිමි නැති සැපතක සිහිනය දැක දැක 
දරුණුයි කල සැහැසිකම් ටික 

පොළොන්නරුවේ පොඩි විජේ 
වෙඩි නොවදින පොඩි විජේ 
දැඩි එඩි පෑ පොඩි විජේ 
කැළේ රජ වුණා
වෙඩි පිට වෙඩි තිය තියා 
නීතිය ලුහුබැඳ ගියා 
කලකම් පලදී එයා 
මරුට බිලි වුණා 

ජිවිත කිහිපයකට කල හානිය 
දුටු අය පවසාවී සැම දෙය 
බිහිසුණු අපරාධ වලින් නම ගිය
පොඩි විජේට මුළු ගමම බය විය 
පොඩි විජේ සමඟ එම හිතවත් කල්ලිය 
වනරොදේ දවස් ගණන් සැඟවිය 
පසුපස ලුහුබැඳ යන විට නීතිය 
වෙන කැලයක් දෙසට පැන ගිය 

පොළොන්නරුවේ පොඩි විජේ 
වෙඩි නොවදින පොඩි විජේ 
දැඩි එඩි පෑ පොඩි විජේ 
කැළේ රජ වුණා
වෙඩි පිට වෙඩි තිය තියා 
නීතිය ලුහුබැඳ ගියා 
කලකම් පලදී එයා 
මරුට බිලි වුණා 

නොදැනයි සැරසුනේ අන්තිම සටනට 
පනස්දහක් බලෙන් ගන්නට 
ලැබුණා ඔත්තුව රැක්කා හරියට 
මින්නේරිය රජ ඇල අවට 
පැන ගිය මුත් එතැනදි වී කලබල 
හවරියපැලැස්ස වනරොද අසල 
ඇසුණා හඬ පොඩි විජේගේ එමකල 
වෙඩි හඩ පිට වුණ වන තුල 

පොළොන්නරුවේ පොඩි විජේ 
වෙඩි නොවදින පොඩි විජේ 
දැඩි එඩි පෑ පොඩි විජේ 
කැළේ රජ වුණා
වෙඩි පිට වෙඩි තිය තියා 
නීතිය ලුහුබැඳ ගියා 
කලකම් පලදී එයා 
මරුට බිලි වුණා 

පැන්නා ගැලවීමට කටු අකුලට
වැදුණා වෙඩි එකක් එක පිට 
වැටුණ පොඩි විජේ අවසන් නින්දට 
නීතිය රජ වුණා සදහට 
කටුකෙලිය ගම නිසසල පෙදෙසකි
හොර මැරකම් සෙමින් යයි මැකී 
අඬමින් ජීවත් වීමත් අපුලකි 
දැහැමින් මිය යෑම සැපතකි 

පොළොන්නරුවේ පොඩි විජේ 
වෙඩි නොවදින පොඩි විජේ 
දැඩි එඩි පෑ පොඩි විජේ 
කැළේ රජ වුනා 
වෙඩි පිට වෙඩි තිය තියා 
නීතිය ලුහුබැඳ ගියා 
කලකම් පලදී එයා 
මරුට බිලිවුනා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.